පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- හිස මුදුන කොටස හා පහළ කොටස වෙන් වෙන් වශයෙන් නොපෙනෙන සේ කැපිය යුතුය.
- පාසල් නිල ලාංඡනය සාක්කුවේ ඉහළ දකුණු කෙළවරට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කමිසයේ අත වැලමිටට අගල් 4 ට නොඅඩු විය යුතුය.
- කලිසමේ ඉදිරිපස දෙපසට ප්ලීට් 2 බැගින් තබා මැසිය යුතුය.
- කලිසමේ යට වාටිය හා දණහිස දක්වා දුර අගල් 2 ක් විය යුතුය.
- කළු කැන්වස් සපත්තු හා කළු මේස් පැළදිය යුතුය.
- තනි මැස්මෙන් ඇදුම් මැසිය යුතුය.
- කිහිල්ල අතර ඉඩ ප්‍රමාණය ශරීරයේ සිට අගල් 1.5 ට වැඩ් විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් නිල ලාංඡනය සාක්කුවේ ඉහළ දකුණු කෙළවරට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කමිසයේ අත වැලමිටට අගල් 4 ට නොඅඩු විය යුතුය.
- ඉණ පටි නොපැළදිය යුතුය.
- කලිසමේ පහළ කෙරවළ පාවහන් මට්ටමේ මේස් නොපෙනෙන සේ තිබිය යුතු අතර පහළ වට ප්‍රමාණය අගල් 14-15 අතර විය යුතුය.
- කළු කැන්වස් සපත්තු හා කළු මේස් පැළදිය යුතුය.
- කලිසමේ ඉදිරිපස දෙපසට ප්ලීටි 2 බැගින් තබා මැසිය යුතුය.
- කිහිල්ල අසළ ඉඩ ප්‍රමාණය ශරීරයේ සිට අගල් 1.5 ට නොඅඩු විය යුතුය.
- හිස මුදුන කොටස හා පහළ කොටස වෙන් වෙන් වශයෙන් නොපෙනෙන සේ කැපිය යුතුය.
- ඉණ පටි පැළදීම සපුරා තහනම්
- නිල ඇදුම් සදහා අත් ඔරලෝසු පැළදීම සපුරා තහනම්.
- කලිසම පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එය දකුණු පසින් තිබිය යුතුය.
- තනි මැස්මෙන් කලිසම මැසිය යුතුය.
- රැවුල මනාව කපා තිබිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)
- කොණ්ඩය හිස මැදින් පෙනෙන සේ දෙකට බෙදා කරල් දෙකකට බැදිය යුතුය.
- නිල ලාංඡනය ඇල්ලීම අනිවාර්ය වේ. එය ගවුමේ වම්පසින් ඉහළ දකුණු කෙළවරට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- සුදු ගවුමේ අතේ දිග වැලමිටට අගල් 4 ට වඩා නොඅඩු විය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ඉණ පටිය අගල් 2 ට නොඅඩු හෝ නොවැඩි විය යුතුය.(එය ඉණෙන් පහතට නොවැටෙන සේ බැදිය යුතුය.)
- ගවුමේ රැළි 07 කි.( මැද රැළි 1 ක් හා 2ක් බැගින්)
- ගවුමේ වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය. (දණහිස බිම තබා සිට ගත් පසු ගවුමේ වාටිය බිම ගෑවිය යුතුය.
- හිස පිටුපසින් මනා සේ දෙකකට බෙදූ කොණ්ඩය කණ පිටුපසට වෙන් ව ගොතා තිබිය යුතුය.
- කොණ්ඩයේ අග කෙළවර හොදින් නවා එක සමානව තබා කළු රිබන් ආධාරයෙන් මනාව ගැට ගසා තිබිය යුතුය.(කොණ්ඩය කොටට කපන්නේ නම් එය දෙකණ මනාව පෙනෙන සේ නොබැදිය හැකි ලෙස කපා තිබිය යුතු අතර හිස මැදින් පෙනෙන සේ දෙකට බෙදා පීරිය යුතුය.
- සුදු මේස් හා සුදු කැන්වස් සපත්තු පැළදිය යුතුය.