මහවැලි බි කලාපයේ නේවාසික ව්‍යාපර කළමනාකාර තුමන්ගේ අත්සනින් 1980 දශකයේ ලද අක්කර පහක වපසරියක පාසල ව්‍යාප්ත වි ඇත. ආරම්භයේදි ප්‍රාථමික අංශය කණිෂ්ඨ අංශය පමණක් අධ්‍යාපන කටයුතු සිදු වු මෙම පාසල 1992 දෙසැම්බර් 15 දින මහා විද්‍යාලයක් බවට උසස් වි කලා අංශයේන් අ.පො.ස.(උ.පෙ,) ආරම්භ කෙරිණි. වර්තමානයේ වානිජ විෂය ධාරාව ද උසස් පෙළ ශිෂ්‍යයන් හදාරණ පාසලක් බවට පත්ව ඇත. ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු පුලතිසි පුරවරයේ නැගෙනහිර මායාමේ දැකුම්කළු වැව් දෙකකින් වට වු මහවැලියෙන් කලවළි වු නෙළුම්වැව ගම්පියසේ පත්මය වු නෙළුම්වැව විදුමැණිගේ පුරාණය වර්ෂ 1985 ක් වු නොවැම්බර් මස 28 වන දින ආරම්භක විදුහල්පති ලෙස එම්.ජි. බෝධිපාල මැතිදුන් වසා තිබු පියන් පත් විවර කොට ඩි. ජි. නිශ්ශංක කරැණාරත්න ශිෂ්‍යා ඇතුලත් කර ගැනිමෙන් නෙළුම්වැව විදුමැණියගේ යෝධ ගමනේ මුලාරම්භය සනිටුහන් විය. එදා සිට අද දක්වා අප ආ ගමන් මග දෙපස ආපසු හැරි බැලිමෙන් වසර දහස් ගණනකින් ලබා ගැනිමට නොහැකි තරම් ජයග්‍රහණ ලබා ඇත. විදුහල්පතිතුමාගේ උපදෙස් මත එවකට සිටි ආචර්ය මණ්ඩලයේ කැපවිම හා උත්සාහය මත අධ්‍යාපනයේ මල්ඵල ගන්වන්නට හා ක්‍රිඩා ලොවේ ජය කෙහෙළි නංවන්නට හැකිවිය.
ප්‍රථම ශිෂ්‍ය නායක පදවිය ලත් ලයනල් රූපසිංහ සිසුවා අ.පො.ස.(සා.පෙළ) විභාගය සමත්විමත් 1994 ඩබ්ලිව්. ඒ. තක්ෂිලා විරක්කොඩි ශිෂ්‍යාව ප්‍රථම වරට ශ්‍රි ජයවර්ධන සරසවියට යැමෙන් ඇරඹුණු ගමනත් සමගින් 1995 ජි.එම්. චන්ද්‍රා දමයන්ති ජයතිලක 1997 ඒ.කේ විජිත කුමාර අමරසිංහ උසස් අධ්‍යාපන ජය ගත්හ. 2000 වර්ෂයේ ඒ.ජි. නිමල් බණ්ඩාර විදුහල්පතිතුමාගේ ආගමනයත් සමගින් අප පාසලේ දෙවන යුගය උදාවිය. පුස්තකාලයක් හා ශ්‍රවානාගාරය ඒ යුගයේ ලබා ගත් භෞතික සම්පත් අතරින් ප්‍රධාන තැනක් ගනි. 1986 දහයක් පමණ වු ගුරු මණ්ඩලය 1995 දි 30 දකවා වර්ධනය විමටත් 1986 දි 335 වු ශිෂ්‍ය සංඛ්‍යාව 2001 වන විට 656 දක්වා ඉහළ නැවිමට හේතු වුයේ එම්.ජි. බෝධිපාල මුදුන්කොන්සුරියගේ හා ඇදුරු මණ්ඩලයේ කැපවිමයි. මින්පසු ඒ.ජි. පි. අජිත් කුමාර විදුහල්පතිතුමා 2005-01-28 දින සිට 2010-07-21 දින දක්වාත් ඩබි.ඒ.එස් අනෝමා විදුහල්පති තුමිය 2010-07-22 දින සිට 2010-12-03 දක්වාත් එම් ප්‍රේමරත්න විදුහල්පතිතුමා2010-12-04 දින සිට 2013-01-07 දින දක්වාත් ඩි. ආර්.ඒ.එල් එස්. රණසිංහ විදුහල්පතිතුමා 2013-01-07 දින සිට 2013-04-24 දින දක්වාත් එච්.එම්. ගාමිනි හේරත් විදුහල්පතිතුමා 2013- 04-24 දින සිට 2017-08-20 දින දක්වාත් පාසලේ වැඩකටයුතු සුභදායක අයුරින් සිදු කර ගෙන ගිය අතර වාර්තමාන විදුහල්පති අයි.ඩි.එස්.කේ. රාජපක්ෂ විදුහල්පතිතුමා 2017-08-21 දින සිට මේ දක්වා ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් නව දැක්මක් ඇතිව පාසල මෙහෙයවමින් සිටිති. ඉතා ප්‍රභල ගැටළුවක් ව පැවැති ගුරු නිවාස දෙකක් සදහා විදුලිය ලබා ගැනිම, මූලික ප්‍රශ්නයක්ව තිබු ජල ගැටළුව විසදා ගැනිම සදහා පාසලේ පැවැති නල ජලය සදහා ජල මෝටරයක් දමා ජල ප්‍රශ්ණය විසදා ගැනිම , ගුරු මණ්ඩලය සදහා වැසිකිලි පද්ධතිය සැකසිම, ප්‍රාථමික අංශයේ ළමා මිතුරු ප්‍රස්තකාලය ආරම්භ කිරිම , ප්‍රාථමික අංශය සදහා ක්‍රියාකාරි ඉගෙනුම් පන්ති කාමරය ආරම්භ කිරිමි , ඩිජිඑල් පන්ති කාමරය ආරම්භ කිරිම , අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම , ස්මාර්ට් පන්ති කාමරය ආරම්භ කිරිම සහ ප්‍රාථමික අංශය සදහා උදෑසන රැස්විම් භුමිය සකස් කිරිම ආදි බොහෝ දේ මෙම කාලවකවානුව තුළ සිදුවිය.

|
ආරම්භ කළ වර්ෂය |
1986 නොවැම්බර් 14 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
14 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්.ජි. බොධිපාල මුදුන්කොටුව ශුරීන් |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
07 |
|
පාසලේ නම |
පො/දිඹු/නෙළුම්වැව මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
මුල සිටම රජයේ පාසලක් ලෙස ආරම්භ විය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1986 නොවැම්බර් 14 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහවැලි බි කලාපයේ සෙවනපිටිය කොට්ඨාසයේ කරපොළ ග්‍රාමසේවා වසමේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩි.ජි. නිශ්ශංක කරුනාරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
_ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1986 නොවැම්බර් 14 |





